Lyrics

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති වන්නමක් සේම සුමිහිරි තානමක් නැති සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි සකියණි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරි කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති නළල් පට මාල හත් පට සින්න වී ඇති සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි සකියණි රිදී කාසි සොලවන්නට බෙර පදය මදි කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා තන තන තාන තම් දෙනා තන තන තාන තම් දෙනා ගායනය - ජානක වික්රමසිංහ සංගීතය - එච්.එම්.ජයවර්ධන පද - රත්න ශ්රී විජේසිංහ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out