Lyrics

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ කොඳුරා කියාදෙන්න මට ආදරේ දුල් නෙත් විදාලා රහසින් බලාලා ඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ මුමුණා කියා දෙන්න මට ආදරේ දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා පෙම විඳිනවා රතු ලේ පවා අඳුරේ පවා පේන තරු නෙත් දිහා නොසැලී බලා ඉන්න හිතුනා සදා හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා තුරුලේ තියාගනිමි මගේමයි කියා ඔබේ ආදරෙන් මගේ ජීවිතේ මුසපත් වෙලා කඳුලක් වුනා හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ කොඳුරා කියාදෙන්න මට ආදරේ දුල් නෙත් විදාලා රහසින් බලාලා ඉමු ළං වෙලා මේ රෑ පුරා පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ මුමුණා කියා දෙන්න මට ආදරේ දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා පෙම විඳිනවා රතු ලේ පවා හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා නුඹටයි මගේ හීන දෙන්නේ ලියා පපුවේ නිදා උන්න මොහොතක් පවා දැනුනා ළයේ ගැඹුරු සනසා තියා මේ ආත්මයෙත් මතු ආත්මයෙත් ඉමු ළං වෙලා මියෙනා තුරා
Writer(s): Shehan Galahitiyawa, Sanka Dineth Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out