Credits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
DADDY
Leadgesang
Gayan Perera
Stimme und Gesang
KOMPOSITION UND LIEDTEXT
DADDY
Songwriter:in
PRODUKTION UND TECHNIK
Gayan Perera
Produzent:in
Torana Music Box
Produzent:in
Lyrics
සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ
මාගේ දිවියේ... අන්ධකාරේ
ඔබගෙන් පෙර නෑ... මා... කිසිදා
හිරු අග බැලුවේ...
නෑ මා කිසිදා... හිරු අග බැලුවේ
පැතුමන් අඳුරේ... සිරවූයේ
ඔබගේ සෙනහෙන් ආදරයේ.
අර්ථය ලැබුවේ...
කඳුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා... ගියේ... මා... තනිවී
සිසිරෙන් මුවාවූ වසන්තේ උදාවූ ලෙසේ...
චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා... හොරෙන්
වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගිරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්.
ඔබ මා හද පුබුදු කළේ...
වසන්තයයි මාගේ දෙතොලේ
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ
කැලඹීලා සැමදා ඔබගේ කැළුමන් අතරේ...
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවෙයි රහසේ හැඟේ සිතේ නිසන්සලේ
රඟදෙයි ඔබ දෙසෙනා වදනන්, යහනේ තනිවී...
චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්.
සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්.
ඔබ මා හද පුබුදු කළේ...
චන්ද්රයන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්
වර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නමින්
වැගුරූ ඒ කඳුළැල් බිඳු වියැකී සෙමින්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැඳි සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්
සිසිලක් ලෙසින්.
ඔබ මා හද පුබුදු කළේ...
Written by: DADDY