Lyrics
හුස්මක් වගේ මට ලංවී ඉබේ
ඔබ රැඳිලා නොසන්සුන් හදේ
මම මේ තරම් සතුටක් ලබලා නම් නැහැ කිසිදාක මේ ලෝකයේ
සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ
මට ඔබෙ දෑත හිමිවුණ නිසා
මඟ බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැර යන්නෙ නැහැ කිසිමදා
දුක හිතුන හැම විටම සෙවනැල්ල සේ
ඔබ හිටියා මගෙ ළඟම තුන් තිස් පැයේ
තුටු පඬුරු ලෙස එයට මගෙ ජීවිතේ
අරගන්න දැන් ඔබට බාරයි ළඳේ
සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ
මට ඔබෙ දෑත හිමිවුණ නිසා
මඟ බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැර යන්නෙ නැහැ කිසිමදා
හැමවිටම හිත සොයන පතිවත ඔබේ
ළඟ නැතිව දුර සිටින විට හිතුමතේ
ඔබ නොදැක මම ගෙවන හැම තත්පරේ
මට බෝම දිගු කාලයක් මෙන් හැඟේ
සංසාරෙන් සංසාරේ එන හුරුවක් වගේ
මට ඔබෙ දෑත හිමිවුණ නිසා
මඟ බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැර යන්නෙ නැහැ කිසිමදා
මඟ බාධා හමුවූවත් මට කොතරම් ලොවේ
ඔබ හැර යන්නෙ නැහැ කිසිමදා
Lyrics powered by www.musixmatch.com