Crédits
AUSFÜHRENDE KÜNSTLER:INNEN
Iraj
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Iraj
Komponist:in
Paroles
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න සිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට ඔබ ගියදා
තුරුලේම උන්නු කාලේ
මතකයත් කවියක් වාගේ රත්තරන් මගේ
ඔබ ගිහින් දුරු කතරක විදි දුක ගැන හිතා
මගේ හිතේ ගිනි කදුලු වීලා
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න සිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට මං ගියදා
අන්දකාරයේ ඔය දෙනෙතම මං හොයලා
ආදරේ පදවැල් කදුලක අමුණලා
පුංචි ඔය ඇස් වලින් මට නොකියු කතා
අහන් ඉන්න ආසයි තව ලං වෙලා
දඟකාර දෙකොපුල් අතරේ
තනිවෙන්න සිතුනා ආයේ
හසරැල්ල ඔය සුදු මුහුනේ
මැවෙනවා මගේ සිත අයිනේ
මාව හීනෙක තනිකරලා
ඈත යන්නට මං ගියදා
ඈත යන්නට මං ගියදා
Sanjaya
Writer(s): Iraj Weeraratne
Lyrics powered by www.musixmatch.com