Credits

AUSFÜHRENDE KÜNSTLER:INNEN
Rohana Weerasinghe
Rohana Weerasinghe
Künstler:in
KOMPOSITION UND LIEDTEXT
Rohana Weerasinghe
Rohana Weerasinghe
Komponist:in

Lyrics

පැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහිවිලේ පිපි පියුම පුදා..
පෙරුම් පුරාගෙන සෙවනැල්ලක් සේ
සිටියා මතකයි සසර පුරා
පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදදී
ජීවිතයට හුරු පැතුම වෙලා
කප්සුවහස් කල් පෙරුම් පුරා ඉමි
සෙනෙහෙ පොදක් වී
වඩින තුරා
සුසුම් කුණාටුව සැඩ පහරක් වී
ඔබ වෙත එන මග මුවා වෙලා
රුවන් සදක් සේ දිදුලන සෙනෙහස
කදුලු වළාවට මුවා වෙලා
මග වරදින්නට වැරදී යන්නට
නොමදී අදුරට එළිය වෙලා
කදුළු වළාවෙන් නැගිලා එන්නම්
සෙනේහයේ රන් සදක් වෙලා
ැතුම් විමානේ කිරුළ දරන්නට
සෙනෙහිවිලේ පිපි පියුම පුදා..
පෙරුම් පුරාගෙන සෙවනැල්ලක් සේ
සිටියා මතකයි සසර පුරා
පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදදී
ජීවිතයට හුරු පැතුම වෙලා
කප්සුවහස් කල් පෙරුම් පුරා ඉමි
සෙනෙහෙ පොදක් වී
වඩින තුරා
Written by: Malani Jayarathna, Rohana Weerasinghe
instagramSharePathic_arrow_out